brand logo
logo
කොකේන් මත්ද්‍රව්‍ය සමගින් හසුවූ ජැමෙයිකානු ජාතිකයින් සිව්දෙනාට රැඳවුම් නියෝග

කොකේන් මත්ද්‍රව්‍ය සමගින් හසුවූ ජැමෙයිකානු ජාතිකයින් සිව්දෙනාට රැඳවුම් නියෝග

13 October 2026

කොකේන් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) අවසර දෙනු ලැබීය.


ඊයේ (12) දිනයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක් අනුව මෙම සැකකරුවන් සිව්දෙනා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජැමෙයිකානු ජාතිකයින් සිව් දෙනෙකි.


කොල්ලුපිටියේ හෝටලයක් තුළ හා සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක් තුළදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 48 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 43 හා 52 වයස්වල පසුවන සැකකාරියන් දෙදෙනෙකි.

සැකකරුවන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ එළැඹෙන 19 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමටය.

 

More News..