පාසල් නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
06 August 2026
පාසල් නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
06 August 2026
2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වේ.
මුස්ලිම් පාසල් සඳහා සැප්තැම්බර් මස 2 වන දින අවසන් වේ.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 7 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 4 වන දින තෙවන පාසල් වාරය අවසන් වේ.
2026 - අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

