Best News Website award
brand logo
logo
'බෝල් බ්ලාස්ටර්' අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය අදින් ඇරැඹේ

'බෝල් බ්ලාස්ටර්' අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය අදින් ඇරැඹේ

24 November 2026

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගම‍යේ ප්‍රධානත්වයෙන් සංවිධාන කරන 'බෝල් බ්ලාස්ටර් 2026' අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ බාලක පාපන්දු තරගාවලිය අද (24 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.


'ඒ' සිට 'ඩී' දක්වා කාණ්ඩ 4ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 24ක් සහභාගිවන අතර 'බී' කාණ්ඩයේ කණ්ඩායම් 2ක් වන කොළඹ හමීඩ් අල්-හුසේනි විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අතර සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 1ට යෙදෙන තරගයෙන් තරගාවලිය ඇරැඹෙනු ඇත. දෙවැනි තරගය 'ඒ' කාණ්ඩයේ කණ්ඩායම් 2ක් වන කොළඹ සහිරා සහ දරුසලම් විද්‍යාල අතර අද පස්වරු 3.30ට සුගතදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.


තරගාවලියේ මූලික වටයේ තරග එළැඹෙන 2027 වසරේ ජනවාරි 3 වැනිදා දක්වා පැවැත්වීමෙන් පසු පෙබරවාරි මස 7 වැනිදා කුසලාන, පලඟ සහ බඳුන ශූරතා අවසන් මහා තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

More News..