මත්පෙති තොගයක් නාවික හමුදා භාරයට
19 August 2026
මත්පෙති තොගයක් නාවික හමුදා භාරයට
19 August 2026
මත්පෙති හත්ලක්ෂ පනස් දහසක තොගයක් පුත්තලම කලපුව ආසන්නයේ තිබි නාවික හමුදාව සොයාගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුලුගේ සඳහන් කළේ එම මත්පෙති තොගය නාවික හමුදාව අද අලුයම කරන ලද සෝදිසියකදී සොයා ගත් බවයි.
මුහුදු මාර්ගයෙන් එම මත්පෙති තොගය රැගෙන ආ බව කියන ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, උර හතරක බහා එම මත්පෙති තොගය තිබූ බවයි.

