ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට NCG Express සහ Toyota Lanka අතර නව සහයෝගිතාවක්
09 November 2026
ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට NCG Express සහ Toyota Lanka අතර නව සහයෝගිතාවක්
09 November 2026
ශ්‍රී ලංකාවේ ප්රමුඛ මගී ප්‍රවාහන සමාගමක් වන NCG Express (Private) Limited සිය ප්‍රවාහන හා භාණ්ඩ බෙදාහැරීමේ සේවා පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස Toyota Lanka (Private) Limited සමාගම සමඟ නව උපායමාර්ගික සහයෝගිතාවකට එළඹ තිබේ.
2026 නොවැම්බර් 3 වැනිදා අත්සන් තැබුණු ගිවිසුම යටතේ Toyota Lanka සමාගමේ වාහන අමතර කොටස්, ලිහිසි තෙල් සහ ටයර් කොළඹ සිට දිවයිනේ ප්‍රධාන නගර වෙත ප්‍රවාහනය කිරීම සඳහා NCG Express සතු බස් රථ ප්‍රවාහන ජාලය යොදාගැනීමට නියමිතය.
මෙම වැඩපිළිවෙළ මහනුවර, යාපනය සහ බදුල්ල ඇතුළු ප්‍රධාන නගර වෙත දිවෙන බස් රථ මාර්ග කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
NCG Express සමාගම සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම සහයෝගිතාව හඳුන්වා දෙයි. දැනට පවතින බස් රථ ප්‍රවාහන ජාලය මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ බෙදාහැරීම සඳහා ද යොදාගැනීම මෙහි විශේෂත්වයකි. එමඟින් භාණ්ඩ ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ප්‍රාදේශීය වෙළෙඳපොළ වෙත අවශ්‍ය නිෂ්පාදන පහසුවෙන් ලබාදීමටත්, මෙරට මෝටර් රථ ක්ෂේත්රයේ වැඩිවන බෙදාහැරීමේ අවශ්‍යතා සපුරාලීමටත් අපේක්ෂා කෙරේ.
මෙම සහයෝගිතාව පිළිබඳ අදහස් දැක්වූ NCG Express සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගිහාන් විතාරණ මහතා මෙසේ පැවසීය.
“NCG Express ලෙස අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අප සතු ප්‍රවාහන ජාලයෙන් ලබාදිය හැකි සේවාවන් තවදුරටත් පුළුල් කිරීමටයි. Toyota Lanka සමඟ ඇතිකරගත් මෙම සහයෝගිතාව, මගී ප්‍රවාහනයෙන් ඔබ්බට ගොස් භාණ්ඩ බෙදාහැරීමේ සහ සැපයුම් සේවා ක්ෂේත්රයට අපගේ මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක්.
අප සතු පුළුල් ප්‍රවාහන ජාලය සහ මෙහෙයුම් අත්දැකීම් උපයෝගී කරගනිමින් දිවයින පුරා ව්‍යාපාරික ආයතන සඳහා වඩාත් කාර්යක්ෂම හා පහසු භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. මෙවැනි ව්‍යාපාරික සහයෝගිතා තුළින් නව අවස්ථා බිහිකර ගැනීමටත්, දෙපාර්ශ්වයටම ප්රතිලාභ අත්කර ගැනීමටත් හැකි බව අප විශ්වාස කරනවා.”
මේ පිළිබඳ අදහස් දැක්වූ Toyota Lanka සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මතීෂ සමරනායක මහතා මෙසේ සඳහන් කළේය.
“නියම වාහන අමතර කොටස්, ලිහිසි තෙල් සහ ටයර් අවශ්‍ය වේලාවට පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකිවීම, අප ලබාදීමට අපේක්ෂා කරන ගුණාත්මක පාරිභෝගික සේවාවේ වැදගත් අංගයක්. NCG Express සතු පුළුල් ප්‍රවාහන ජාලය සහ ප්‍රාදේශීය ආවරණය උපයෝගී කරගනිමින් අපගේ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සහයෝගිතාවෙන් අවස්ථාව ලැබෙනවා.
මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රධාන වෙළෙඳපොළ වෙත අපගේ නිෂ්පාදන වඩාත් පහසුවෙන් ලබාදීමටත්, භාණ්ඩ බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් අප බලාපොරොත්තු වෙනවා. එමඟින් පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සහ වඩාත් හොඳ සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.”
මෙම ගිවිසුමට Toyota Lanka සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මතීෂ සමරනායක මහතා සහ NCG Express සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගිහාන් විතාරණ මහතා අත්සන් තැබූහ.
NCG Holdings (Private) Limited හි අනුබද්ධ සමාගමක් වන NCG Express ප්‍රවාහන හා මෝටර් රථ ක්ෂේත්රයන්හි විවිධ ව්‍යාපාරික කටයුතු සිදුකරන NCG සමූහයේ සාමාජික සමාගමකි. NCG Holdings ජාත්‍යන්තරව පිළිගත් Yutong බස් රථ සහ Sinotruk වාණිජ ට්‍රක් රථ සන්නාමයන්හි මෙරට බලයලත් නියෝජිතයා ලෙස ද කටයුතු කරයි.
නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම, ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම සහ පවතින ප්‍රවාහන පහසුකම් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා NCG සමූහයේ ඇති කැපවීම මෙම සහයෝගිතාව තුළින් තවදුරටත් පෙන්නුම් කෙරේ. භාණ්ඩ බෙදාහැරීමේ ක්ෂේත්රයට සිය සේවා පුළුල් කිරීමත් සමඟ මගී ප්‍රවාහනයට පමණක් සීමා නොවූ, පුළුල් ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන ආයතනයක් බවට පත්වීම NCG Express හි අරමුණයි.
එමෙන්ම, පක්ෂපාතීත්වය (Loyalty) අවංකභාවය (Integrity) සාධාරණත්වය (Fairness) සහ ආචාරධර්ම (Ethics) යන අගයන්ගෙන් සමන්විතToyota සමාගමේ (LIFE) මූලධර්ම මත පදනම්ව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, පාරිභෝගික තෘප්තිය සහ වගකීම් සහගත ව්‍යාපාරික වර්ධනය වෙනුවෙන් සමාගම් දෙකෙහිම ඇති කැපවීම මෙම සහයෝගිතාව මඟින් පිළිබිඹු වේ.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ. Toyota Lanka සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා, වාහන අගය වැඩිදියුණු කිරීමේ අංශයේ සාමාන්‍යාධිකාරී විපුල් බණ්ඩාර මහතා සහ අලෙවි අංශ ප්‍රධානී යෂ්වන්ත් නාගරාජා මහතා සහභාගි වූහ.
NCG Express සමාගම නියෝජනය කරමින් සාමාන්‍යාධිකාරී චන්න ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු චුලිත් පලිහක්කාර මහතා සහ විශේෂ ගමන් සේවා කළමනාකරු චාමික කහඳුගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
NCG Expres සහ Toyota Lanka එක්ව ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ තුළින් වඩාත් කාර්යක්ෂම, පහසුවෙන් ලබාගත හැකි සහ විශ්වසනීය වාහන අමතර කොටස් හා අනෙකුත් නිෂ්පාදන බෙදාහැරීමේ ජාලයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මෝටර් රථ ක්ෂේත්රයන්හි ඉදිරි දියුණුවට ද වැදගත් දායකත්වයක් සපයනු ඇත.

