සෙල්ලිපි පිටපත් කිරීම ඩ්‍රෝන තාක්ෂණයෙන්
15 November 2026 | වරුණි පෙරමුණ
සෙල්ලිපි පිටපත් කිරීම ඩ්‍රෝන තාක්ෂණයෙන්
15 November 2026 | වරුණි පෙරමුණ
ඩ්‍රෝන තාක්ෂණය යොදා සෙල්ලිපි පිටපත් කිරීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුන්දි රජමහාවිහාරස්ථාන ආශ්රිත ප්‍රදේශවල ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙල්ලිපි පිටපත් කිරිම සඳහා පුද්ගලයන්ට ළගාවීමට නොහැකි ස්ථානවලට මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් එම ලිපි හඳුනාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව මෙම කටයුත්ත ආරම්භ කළ අතර ජී.එස්.පී තාක්ෂණය මගින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමද සිදුකරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මේ වනවිට මෙරට පුරාවිද්‍යා ස්ථාන පන්දහස් හැටහතක් ඇති අතර, පුරාවිද්‍යා ස්මාරක දාසයදහසක් ඇත.
එසේම ලක්ෂ හතරකට ආසන්න පුරාවස්තු ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතියි.
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන මේවන විට ආරම්භ කර ඇති අතර ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහන තුළින් සිදුකරනු ලබයි.


