අධික වර්ෂාපතනයත් සමග අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
07 November 2026
අධික වර්ෂාපතනයත් සමග අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
07 November 2026
අධික වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.
වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.
එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර එම ජලය කිරිදිඔයට මුදා හැරෙන බැවින් කිරිදිඔයේ ජල මට්ටම ද ඉහල යමින් ඇත.
එම නිසා කිරිදිඔය දෙපස ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක්
කර සිටී.

