brand logo
logo
වේල්ල වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

වේල්ල වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

11 May 2026


කොළඹ වේල්ල වීදිය පොලිස් ස්ථානයට ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.


ගිනි නිවන හමුදාව සඳහන් කළේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවය. 


ගින්නෙන් සිදු වූ හානිය හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.


පොලීසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ ගමනාගමනය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

 

More News..