ප්‍රකාශයට පත් කළ ඔලිම්පික් මූල්‍ය ත්‍යාග ඒ අයුරින්ම ලබා දෙනවා – ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ
16 November 2026
ප්‍රකාශයට පත් කළ ඔලිම්පික් මූල්‍ය ත්‍යාග ඒ අයුරින්ම ලබා දෙනවා – ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ
16 November 2026
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය එලෙසම ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඕනෑම තරගාවලියකදී එවැනි ජයග්‍රහණයක් ලබාගතහොත් ත්‍යාග මුදල ලබාදීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
ක්‍රීඩකයන් ජයග්‍රහණය කළම පසුව පමණක් ත්‍යාග මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිමක් සකස් කිරීම වැදගත් බවට විශ්වාස කරන බව සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේය.
එමෙන්ම 2025 සහ 2026 වසරවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් සිදුකර තිබේ.
එහිදී අමාත්‍යවරයා කියාසිටියේ, පාසල් ක්‍රීඩකයින් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවය.
ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වා විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට එවැනි විදේශීය පුහුණුවීම් ලබාදීමට කටයුතු කර ඇති බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.


