ඉබෝලාවට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් අලුත් එන්නතක්
27 May 2026
ඉබෝලාවට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් අලුත් එන්නතක්
27 May 2026
කොංගෝ රාජ්‍යයේ දැනට පැතිර යන, ඉතා දුර්ලභ ගණයේ 'බන්ඩිබුගියෝ' (Bundibugyo) නැමැති එබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව Oxford විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නව එන්නතක් නිපදවමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඉදිරි මාස 2-3 ඇතුළත මෙහි සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඔවුහු බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.
මෙම ඉබෝලා ප්‍රභේදය වැළඳෙන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ මිය යන අතර, මේ වන විට කොංගෝ රාජ්‍යයේ මරණ 177ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එරට සෞඛ්‍ය අවදානම ඉතා ඉහළ මට්ටමකට නම් කර තිබේ.
මෙම එන්නත නිපදවීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ Covid-19 වසංගත සමයේදී Oxford-AstraZeneca එන්නත නිපදවීමට භාවිතා කළ ChAdOx1 නැමැති තාක්ෂණයමය බව සඳහන් වෙයි.
මෙය වෛරස්වලට ගැලපෙන සේ ඉතා ඉක්මනින් වෙනස් කළ හැකි තාක්ෂණයකි.
චිම්පන්සීන්ගෙන් ලබාගෙන මිනිසාට හානි නොවන සේ වෙනස් කරන ලද සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරසයක් ආධාරයෙන්, ඉබෝලා වෛරසයට එරෙහිව සටන් කිරීමට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.
මේ අතර, දැනට සතුන් ඇසුරින් මෙහි පරීක්ෂණ Oxford හිදී සිදුවන අතර, එය සාර්ථක වුවහොත් ඉන්දියාවේ "සීරම් ඉන්ස්ටිටියුට්" Serum Institute of India ආයතනය විසින් මෙම එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.
මෙය කොවිඩ් එන්නත මෙන් රටක සැමටම එකවර ලබා දෙන්නේ නැත.
ඒ වෙනුවට "රිං වැක්සිනේෂන්" (Ring vaccination) ක්‍රමයට, එනම් වෛරසය වැළඳුණු රෝගීන්ගේ සමීපතයන්ට සහ රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ට පමණක් ආරක්ෂාව සඳහා මුලින්ම ලබා දෙනු ඇත.

