ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
16 November 2026
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
16 November 2026
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලයේදී දකුණු සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
එමෙන්ම නොවැම්බර් 17 වැනිදා වන විට එය බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.


