නාවලපිටියේ රිය අනතුරකින් පසු දෙපාර්ශ්වයක් අතර බහින්බස්වීමක්
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටියේ රිය අනතුරකින් පසු දෙපාර්ශ්වයක් අතර බහින්බස්වීමක්
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය තලවකැලේ බව්වාගම ප්‍රදේශයේ නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර නිවස ඉදිරිපිට පාර හරහා මාරු වූ අයකු ඊයේ (10) දින රාත්‍රී නාවලපිටිය නගරය දෙසට පැමිණෙන යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවී ඇති බවට පොලිස් හදිසි 119 ඇමතුමට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
අනතුර සිදුවී ස්වල්ප මොහොතකින් දෙපාර්ශවය අතර බහින් බස්වීමක් ඇතිවී යතුරුපැදි සහ පසුපැදිකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලටත්, අනතුරට ලක් වූ පුද්ගලයා මහනුවර පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර හිතවතෙකු වන අතර, නාවලපිටිය ඉඹුල්පිටියේ වතුයායේ සහකාර වතු අධිකාරිවරයෙකු යතුරුපැදිය පදවා ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
මේ පිළිබඳ අප නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ,
තමාගේ ව්‍යාපාරික හිතවතෙකු ගලබොඩ ප්‍රදේශයේ ඔහුගේ වියදමින් සාදන ලද කෝවිලක කටයුතු නිරීක්‍ෂණය සඳහා කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ තමාට අයත් හෝටලයක නතර වී සිට කොළඹ බලා පිටත් වීමට පෙර තම පුත්‍රයා සමග ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණෙන අවස්ථාවේදී පාර හරහා මාරුවීමේදී අදාල අනතුර සිදුවූ බවයි.
අනතුරෙන් පසු එම හිතවතා තම නිවසටත් යතුරුපැදියේ පැමිණි දෙදෙනා මාර්ගයෙන් ඉවත් කර යතුරුපැදියත් මාර්ගයෙන් දෙකක් කර සුළු වෙලාවකින් යතුරුපැදියේ පසුපස පැමිණි පුද්ගලයා විසින් නැවත යතුරුපදිය එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට යාමේදී අදාල බහින්බස්වීම සිදුවූ බවත්, අදාල අනතුර සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය ලෙස තමන් නාවලපිටිය පොලිසිය දැනුවත් කල බවයි.
එසේම එම අවස්ථාවේ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් බීමත්ව සිටි බවත්, එහෙත් ඔවුන් සිතා මතා අනතුරක් සිදු නොකළ නිසාවෙන් මෙම සිදුවීම සමථයකට පත් කර ගැනීමට කටයුතු කළ බවත්ය.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නාවලපිටිය පොලිසිය විසින් සිදු කරන අතර , මේ වන විට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි යතුරුපැදියේ පැමිණි දෙදෙනා රෝහලින් පිටත්ව ගොස් ඇති බවත්, අනතුරට ලක්වූ පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

