brand logo
logo
 අනෝජන්ට සමාව ලබා ගැනීමට කටයුතු කරන බව ජනපති කියයි

අනෝජන්ට සමාව ලබා ගැනීමට කටයුතු කරන බව ජනපති කියයි

21 September 2026


සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දඬුවම් නියමවී සිටින තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.


මෙම නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.


අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඔහුගේ දෙමාපියන් දැනුවත් කර‌ තිබේ.


එම කටයුතු නිරන්තරයෙන්, සමීපව අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්. 


 

More News..