මන්නාරම – මුල්ලිකුලම් සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරයි
08 November 2026
මන්නාරම – මුල්ලිකුලම් සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරයි
08 November 2026
මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මන්නාරම ප්‍රදේශයේදි ආරම්භ විය.
මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයිල්වාගනම් ජේගදීස්වරම්, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා – National Transmission Network Service Provider (Private) Limited (NTNSP) ඉංජිනේරු. කේ. එම්. ජී. යූ. ආර්. ඩයස් , ඉංජිනේරු. අනුරුද්ධ තිලකරත්න, ඉංජිනේරු. එස්. පී. තුෂාර සහ ඉංජිනේරු. බී. ජී. ගීතානි ඇතුළු පිරිසක් හා බලශක්ති අමාත්‍යංශයට අයත් රාජ්‍ය සමාගම්වල ප්‍රධානින් ද සහභාගි විය.
මුල්ලිකුලම් සුළං බල සම්ප්‍රේෂන ව්‍යාපෘතිය (Mullikulam Wind Power Transmission Project-MWPTP), 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා ජාතික දැක්ම අනුව යමින් (NTNSP) ආයතනය විසින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතියක් බවට අමාත්‍යාංශය සඳහන් කරයිි.
මන්නාරම මුල්ලිකුලම මේගාවෝට් 100 MW ක සුළං විදුලි බලාගාරය තුලින් ජනනය කරනු ලබන විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන අරමුණ වේ.
මීට අමතරව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට සෘජුවම දායක වීම,දේශීය බලශක්ති ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම තුලින් ආනයනික පොසිල ඉන්ධන (ගල්අඟුරු සහ ඩීසල්) මත යැපීම අවම කර, දේශීයව නිපදවන පිරිසිදු සුළං බලය භාවිතයෙන් රටේ බලශක්ති පිරිවැය අවම කර ගැනීම, නව 220 kV ද්විත්ව පරිපථ රැහැන හරහා උතුරු පළාතේ විදුලි රැහැන් පද්ධතියේ ස්ථායීතාවය (Grid Stability) තහවුරු කිරීම සහ විදුලිය බිඳවැටීම් හා වෝල්ටීයතා බැසීම් (Voltage drops) අවම කිරීම තුලින් උතුරු කලාපීය පද්ධති විශ්වසනීයත්වය ඉහළ නැංවීම ව්‍යාපෘතියේ මූලික අභිමතාර්ථ බවට නිවේදනය කරයි.
මන්නාරම 220/33kV ජාල උපපොළේ සිට යෝජිත මුල්ලිකුලම් 220kV මිනුම් උපපොළ (Metering Substation) දක්වා වන 220kV ද්විත්ව පරිපථ (Double Circuit) විදුලි සම්ප්‍රේෂණ මාර්ගය කිලෝමිටර් 26 ක් දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර කුළුණු 76 කින් යුක්ත වෙනවා. සම්පුර්ණ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකා රජයේ මුදල් පමණක් යොදවන අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,500ක් වන බවට අමාත්‍යාංශය සඳහන් කරයි.
ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශයට අනුබද්ධ පුර්ණ රාජ්‍ය සමාගමක් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා (පුද්ගලික) සමාගම – (NTNSP) අධික්ෂණය යටතේ ප්‍රද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

