brand logo
logo
උණුසුම වැඩිවෙද්දී මානසික රෝගීන් වාර්තාවීම ඉහළට

උණුසුම වැඩිවෙද්දී මානසික රෝගීන් වාර්තාවීම ඉහළට

15 August 2026 | නිර්මාණි තිලකසිරි

මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි මානසික රෝග විශේෂඥවරු පෙන්වා දෙති. තවද එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ විෂාදය, කාංසාව වැනි රෝග ලක්ෂණද උෂ්ණත්වය ඉහළ යෑමත් සමග වාර්තාවන බවයි.


මානසික සෞඛ්‍යය පිළිබඳ කරන ලද පර්‌යේෂණවලින්ද තහවුරු වී ඇත්තේ දිගින් දිගටම අධික උණුසුමට නිරාවරණය වීමෙන් වැඩිපුර කේන්තියාමද සිදුවන බවයි. එමෙන්ම මාර්ගයේ රථවාහන පැදවීමේදී මෙන්ම පදිකයන් ලෙස ගමන් කිරීමේදී ද ඇතැම් විට ඇතිවන විවිධ ගැටුම්වලදී අධික ලෙස කේන්ති යාම සිදුවන බව පර්‌යේෂණවලින් තහවුරු වී ඇතැයි මානසික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.


තවද රථවාහන අනතුරකදී තිරිංග තද කිරීමට ගතවන කාලය සාමාන්‍ය අවස්ථාවකට සාපේක්ෂව මෙම උණුසුම් කාලයේදී වෙනස් විය හැකි බවට පර්‌යේෂණාත්මක දත්ත මගින් තහවුරු වී ඇත.


එපමණක් නොව උණුසුමට දරුවන් නිරාවරණය වීමෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු කිරීමට නොහැකි බවත් මතක ශක්තිය අඩුවිය හැකි බවත් පෙන්වාදෙන මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් අවධාරණය කරන්නේ පවුල් ආරවුල් වැඩිවීම මෙන්ම ගෘහස්ථ හිංසනය ඇතිවීම දක්වාම අධික උණුසුම බලපෑම් ඇති කළ හැකි බවයි.

 

More News..