Best News Website award
brand logo
logo
EPF හා ETF පාලනය එකම තැනකින්

EPF හා ETF පාලනය එකම තැනකින්

28 November 2026 | නිලන්ත මදුරාවල

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල එකම තැනකින් පාලනය කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව සකස් කරන ලද අතුරු වාර්තාවක් මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.


මෙම අරමුදල් කමිටු තුනක් මගින් පාලනය කිරීම ඇතුළු යෝජනා කීපයක් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර ඇත.


මෙම අතුරු වාර්තාව සකස්කර ඇත්තේ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්සගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගිනි. එම කමිටුව පත්කර ඇත්තේ කැබිනට් මණ්ඩලයෙනි. වෙනම ක්‍රියාත්මක අරමුදල් ඒකාබද්ධ කිරීම සඳහා වන සම්මුතියක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවතින බවද මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත්තේ ඒ අනුව බවද එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. අතුරු වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල නිර්දේශ ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.

 

More News..