රු. ලක්ෂ 60කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට
26 October 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
රු. ලක්ෂ 60කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට
26 October 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
රුපියල් හැටහත් ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු සමග ඊයේ (25) දින රාත්රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු 37 හැවිරිදි වියේ පසුවන චීන ජාතික ව්යාපාරිකයෙකු වන අතර , ඔහු ඊයේ (25) රාත්රී 10.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සගවා ගෙන තිබුණි.
මීට අමතරව කොළඹ , කොලොන්නාව ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන ව්යාපාරිකයෙකු ඊයේ (25) රාත්රී 08.20 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සගවා ගෙන තිබුණි.
මොවුන් දෙදෙනාම මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔවුන් හෙට (27) දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

