brand logo
logo
යෙපූන් අර්ධ මැරතන් තරගාවලියේ 30න් පහළ ජය යළිත් ෂේන්ට

යෙපූන් අර්ධ මැරතන් තරගාවලියේ 30න් පහළ ජය යළිත් ෂේන්ට

29 July 2026 | •නදුන්ක නෙත්සර

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ යෙපූන් නගරයේ පැවැති යෙපූන් ධාවන සැණකෙළියේ අර්ධ මැරතන් තරගයට සහභාගි වූ ෂේන් අමරසිංහ වයස අවුරුදු 30න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඉකුත්දා සමත් විය. මෙය ෂේන් අඛණ්ඩව එම වයස් කාණ්ඩයෙන් යෙපූන් අර්ධ මැරතන් තරගය ජයගත් දෙවැනි අවස්ථාව වේ.


තරගකරුවන් 85ක් සහභාගි වූ වයස් කාණ්ඩයේදී ෂේන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම සඳහා පැය 1යි මිනිත්තු 22යි තත්පර 47ක කාලයක් වාර්තා කළ අතර එහිදී ඔහු ඉකුත් වසරේ වාර්තා කළ කාලය මිනිත්තු 3කට ආසන්න කාලයකින් අඩු කර ගැනීමට සමත්ව තිබිණි. සමස්ත තරගයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 544ක් අතරින් ෂේන් 5වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

 

More News..