brand logo
logo
බස් රථයෙන් ඇදවැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මියයයි

බස් රථයෙන් ඇදවැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මියයයි

03 September 2025

පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටුනු වෛද්‍යවරියක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 14කට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.


පැල්මඩුල්ල පොලිසිය පැවසුවේ රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක මෙලෙස මියගිය බවයි.


මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොරගහයට පදිංචිව සිටි මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියකි.


මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී බස් රථයෙන් ඇද වැටී තිබුණේ ඉකුත් 19 වැනිදා ය.


ත්‍රීරෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියැදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් මාර්ගයේ ඇද වැටී ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.


පසුගිය 1 වැනිදා මියගිය එම වෛද්‍යවරියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

 

More News..