Best News Website award
brand logo
logo
පුස්තකාල සේවාව හරිතවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්

පුස්තකාල සේවාව හරිතවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්

18 November 2026


පුස්තකාල සේවාව හරිතවත් කිරීම සහ පුස්තකාල පද්ධතිය ඔස්සේ දරු දැරියන් ඇතුළු සමස්ත මහජනතාවගේ පාරිසරික දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ පාරිසරික වැඩමුළුවක් සංවිධානය කර තිබේ.


අද (18) මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය එක්ව මෙම විශේෂ පාරිසරික වැඩමුළුව සංවිධාන කර තිබුණි.


පුස්තකාලයාධිපතිවරුන් වෙනුවෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිවයින පුරා සිටින පුස්තකාලයාධිපතිවරුන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.


මෙහිදී ජාතික පාරිසරික පනත පිළිබඳ දැනුම්වත් කිරීම, පරිසර ආරක්ෂණය හා කළමනාකරණය උදෙසා පුස්තකාල හරහා ඉටුකළ හැකි කාර්යභාරය මෙන්ම නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් පුස්තකාල සේවාව හරිතවත් කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 

 

More News..