brand logo
logo
බලපත්‍ර නැති සුඛෝපභෝගී බස් අධිවේගයෙන් ඉවතට

බලපත්‍ර නැති සුඛෝපභෝගී බස් අධිවේගයෙන් ඉවතට

07 September 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල


අධිවේගී මාර්ග වල ධාවනය සඳහා අවශ්‍ය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රය ලබා නොගත් සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ රැසක් අධිවේගයේ ධාවනයෙන් ඉවත්ව සාමාන්‍ය මාර්ගයේ ධාවනය කරන බව වාර්තා වේ.


අධිවේගී මාර්ග වල ධාවනය කරන මගී ප්‍රවාහන බස්රථ සඳහා එම බලපත්‍රය අනිවාර්යය කිරීමත් සමග බලපත්‍රය ලබාගෙන නොමැති බස්රථ මේ ආකාරයට අධිවේගී මාර්ග වල ධාවනයෙන් ඉවත්ව ඇති බව පැවසේ.


අධිවේගී මාර්ග වල සේවයෙහි නිරත රථවාහන අංශයේ පොලිස් නිලධාරින් විසින් පිවිසුම් දොරටු අසලදී එම බලපත්‍රය ඇත්දැයි පරික්ෂාවට ලක් කරන අතර , එසේ බලපත්‍ර ලබාගෙන නොමැති බස්රථ සඳහා අධිවේගී මාර්ගයට පිවිසීමට අවසර ⁣ලබා නොදෙන බව පැවසේ.


සුපුරුදු පරිදි අධිවේගී මාර්ගයෙන් ඉක්මණින් තම ගමන යාමේ අදහසින් සුඛෝපභෝගී බස්රථ වලට ගොඩවෙන මගීන්ට පෞද්ගලික බස්රථ සේවකයින් මෙම කාරණය නොදන්වීම හේතුවෙන් මගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවද වාර්තා වේ.

 

More News..