brand logo
logo
මදුරු මට්ටුවට මැලතියන්

මදුරු මට්ටුවට මැලතියන්

05 August 2026

මදුරු මර්දනය සඳහා මෙතෙක් භාවිත කළ කෘමිනාශක සඳහා මදුරුවන් ​මේ වන විට අනුවර්ථනය වී ඇති බැවින් ඒ සඳහා දැනට භාවිතයේ නොමැති මැලතියන් භාවිතයට ගැනීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කරමින් සිටි. මදුරු මර්දනයට අදාළ දුමායනය සඳහා (Fogging) සඳහා මේ වන විට ප්‍රෙස්ටිජ් (Prestige) භාවිත කරනු ලබන අතර ඊට මදුරුවන් අනුවර්තනය වී ඇති බව නවතම වාර්තා මගින් පෙන්වා දී ඇත.


ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීමට අනුව එරටින් මෙරටට මැලතියන් (Malathion) ලීටර් 500ක තොගයක් ලබාදී ඇති අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා විසින් ඊයේ (04) සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස වෙත බාරදීම සිදුවිය.

 

More News..