brand logo
logo
 සම්බාහනය කරන බව පවසා මුදල් ගැරූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

සම්බාහනය කරන බව පවසා මුදල් ගැරූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

12 November 2024



සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සහ කොල්ලකෑමක් සිදුකළ සැකකරුවන් 5ක් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.


ඔවුන්ව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙක් ගෙන්වා ගෙන පහරදී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන තිබේ.


පසුව පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000ක් කොල්ලකා ඇති අතර, ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.


එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළක් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක්ද, සමඟ පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 54ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.


සැකකරුවන්ගේ ප්‍රකාශ මත එම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 19, 21, 22 හා 23 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


 

More News..