brand logo
logo
 විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

09 November 2026 | සිතාර ඉරාෂ් - වටවල


නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (08) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.


එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ කැළණි ගගේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.


මේ අතර, පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වීඅ ැති බවත්, කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 4ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 4 අගල් 2 දක්වා ආසන්න වී ඇති බවත්, එම ජල පෝෂක ප්‍රදේශවලට (08) දින මිලිමීටර් 27.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.


 

More News..