හොරොව්පොතානේ වගා ළිඳකින් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි
16 November 2026
හොරොව්පොතානේ වගා ළිඳකින් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි
16 November 2026
හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන 17 හැවිරිදි තරුණියක් සහ තරුණයන් දෙදෙනෙකු හොරොව්පොතාන පොලිසිය විසින් ඊයේ (15) ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 26 යන වයස්වල පසුවන අතර, ඔවුන් තිදෙනාම ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයාගැනීමත් සමඟ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම විමර්ශනවලදී මෙම මරණය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


