brand logo
logo
අද ලැබුණු නඩු තීන්දුව ගැන ජොන්ස්ටන්ගෙන් පැහැදිලි කිරීමක්

අද ලැබුණු නඩු තීන්දුව ගැන ජොන්ස්ටන්ගෙන් පැහැදිලි කිරීමක්

28 October 2026

අද (28) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ තමාට එරෙහි නඩුව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ආයතන පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.


අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.


හිටපු අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ප්‍රධාන කරුණු,

අදාළ නඩුවේදී තමා වෙත ගොනු කර ඇත්තේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනා 3ක් පමණක් වන අතර, අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය දැරීම හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් තමාට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව ඔහු නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

ප්‍රශ්නගත මෝටර් රථයේ හිමිකරු තමා නොවන බවත් එම මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක්ද පවරා ඇති බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නීතිමය කාරණයක් සහ වාහන ආනයන බදු වංචාවක් යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක් බව ඔහු පෙන්වා දෙයි.

එබැවින්, තමා විසින් වාහන ආනයන බදු වංචාවක් සිදුකළ බවට හෝ එවැනි චෝදනාවකට වරද පිළිගත් බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහු පවසයි.

 

More News..