brand logo
logo
දුරකථන පසු ගෙවුම් ග්‍රාහකයන්ගේ  බොල් ණය කෝටි 7 පනී

දුරකථන පසු ගෙවුම් ග්‍රාහකයන්ගේ බොල් ණය කෝටි 7 පනී

13 June 2026 | නිලන්ත මදුරාවල

දුරකථන පසු ගෙවුම් ග්‍රාහකයන්ගේ බොල් ණය ප්‍රමාණය රුපියල් හත්කෝටි විසි ලක්ෂය ඉක්මවා තිබෙන බව මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක සඳහන් වේ.


 මෙම බොල් ණය කපා හැරීමට අදාළ යෝජනාවක් මුදල් කාරක සභාවට ලැබී තිබෙන අතර ඊට කොන්දේසි සහිත අනුමැතිය ලබාදීම සඳහා පුළුල් සාධාරණීකරණයක් ඉදිරිපත් කර නොමැති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම් කාරක සභාවෙන් ඉල්ලා තිබේ.


විදුලි සංදේශ ක්‍රියාකරුවන් ග්‍රාහකයන්ගෙන් එකතු කරන බදු මුදල් පමණක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගෙවිය යුතු වන අතර ග්‍රාහකයකු ගෙවීම් පැහැර හරින අවස්ථාවක දී සේවා ගාස්තුව හෝ බදු මුදල එකතු කර ගැනීමට නොහැකි වන බවත් එහි දැක්වේ. දැනට පවතින පනත යටතේ මෙවැනි අය කර නොගත් ආදායම් මත බද්ද ගෙවීමට ක්‍රියාකරුවන් බැඳී නැති බවට පැහැදිලි විිධිවිධාන නොමැති හෙයින් පනත සංශෝධනය කිරීමට නියමිත ය.


යෝජිත සංශෝධනයෙන් යම් කාල සීමාවක දී තුළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ගෙවිය යුතු බදු මුදලින් යම් බොල් ණයක් අඩු කිරීමට ක්‍රියාකරුවන්ට සහ සැපයුම්කරුවන්ට අවසර ලැබෙනු ඇත.

 

More News..