Best News Website award
brand logo
logo
ගුරු බඳවා ගැනීම්වල දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණත් ඉදිරියේදී

ගුරු බඳවා ගැනීම්වල දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණත් ඉදිරියේදී

14 November 2026


ගුරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත පුද්ගලයින්ට යම් අසාධාරණයක් සිදුවුවහොත්, ඒ පිළිබඳව වහාම තමන්ව දැනුවත් කරන ලෙසත්, අනාගතයේදී පවතින පුරප්පාඩු අනුව දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේය .


පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මැදිහත්වීම මත, ඊයේ (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය .


මෙහිදී ජාතික විභාග සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ගුරු බඳවා ගැනීමේ විභාගය සම්බන්ධයෙන් අයදුම්කරුවන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති නමුත්, එය පළමු අදියර පමණක් බවත්, පවතින පුරප්පාඩු මත පදනම්ව තවත් පිරිසක් දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන බවත් මෙහිදී සඳහන් විය.


2022 අයවැය නිවේදනයට අනුකූලව ගුරුවරුන් පත් කිරීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කරන බවත්, එසේ වුවද යම් අසාධාරණයක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

 

More News..