අයිස් කිලෝ 19ක් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට
19 August 2026
අයිස් කිලෝ 19ක් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට
19 August 2026
බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය කිලෝ 19කට ආසන්න ප්රමාණයක් සමඟ තරුණයෙකු හොරණ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අයිස් කිලෝග්රෑම් 18යි ග්රෑම් 672ක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්රව්ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.
පොලිස් මත්ද්රව්ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

