ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක්
17 November 2026 | ජානක එස් බණ්ඩාර - කුණ්ඩසාලේ
ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක්
17 November 2026 | ජානක එස් බණ්ඩාර - කුණ්ඩසාලේ
ලෝක දියවැඩියා දිනය සැමරීම වෙනුවෙන් වත්තේගම ගෝල්ඩන් හාර්ට්ස් සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් වත්තේගම නගරයේදී පසුගියදා (14) පැවැත්විය.
මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමු. නිරෝගී ජනතාවක් තුළින් දීප්තිමත් ප්‍රජාවක් ගොඩනඟමු. දියවැඩියාව පිළිබඳ දැනුවත් වෙමු. අදම ක්‍රියාත්මක වෙමු. යන තේමාවන් පාදක කර ගනිමින් විශේෂ දේශනයක් ද වත්තේගම මධ්‍යම හා විද්‍යාලයේදී සංවිධානය කොට පැවතුනි.
මෙම අවස්ථාව සඳහා වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ දු දරුවන්, වත්තේගම ප්‍රජා සෞඛ්‍ය සංවිධාන,වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, වත්තේගම බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


