Best News Website award
brand logo
logo
එළවළු හිඟයෙන් තඹුත්තේගම ආර්ථිකය වැහෙන්න යයි

එළවළු හිඟයෙන් තඹුත්තේගම ආර්ථිකය වැහෙන්න යයි

25 November 2026 | සුනිල් රූපසිංහ - පල්ලේපොළ


පහතරට එළවළු හිඟයෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය වසා දැමීමේ අවදානමට පත්වී තිබෙන බව තොග වෙළෙන්දෝ පවසති.


එළවළු හිඟයෙන්,

එළවළු තොග සැපයුම සියයට 75න් පහළ ගොස් තිබෙන බව වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න කියයි.


සියලුම එළවළුවල තොග මිල සියයට 150කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් අධික වැස්සෙන් එළවළු වගා බිම් හානියට පත්වී පහතරට කලාපයේ ගොවීන් ලක්ෂ ගණනක් දැඩි ආර්ථික පීඩනයට මුහුණදී සිටින බවත් හෙතෙම පැවැසීය.


එළවළු ගණනාවක තොග මිල රුපියල් 700 ඉක්මවා ගොස් ඇත. දෙහි කිලෝවක මිල රුපියල් 1300 ඉක්මවා ගොස් ඇත. පවතින එළවළු හිඟයෙන් ඉදිරි සතියේදී සියලුම එළවළු වල තොග මිල ගණන් දෙගුණයකින් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද සභාපතිවරයා පැවැසීය.


ඊයේ කැකිරි කිලෝවක තොග මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගිය බවත් බෝංචි,වම්බටු, මාළු මිරිස්, තක්කාලි ඇතුළු එළවළු කීපයක කිලෝවක තොග මිල රුපියල් 800 ඉක්මවා ගිය බව සභාපතිවරයා පැවැසීය.


මෑකරල්, වැටකොළු, කරවිල, ගෝවා, කැරට් ඇතුළු එළවළු කීපයක කිලෝවක තොග මිල රුපියල් 700 ඉක්මවා අලවි වූ බවද පැවැසීය. වර්ෂාවෙන් එළවළු වගා බිම් තවදුරටත් හානිවීමෙන් තොග වෙළෙඳපොළ වසා දැමීමේ අවදානමක් පවතිනු ඇති බව තොග වෙළෙන්දෝ පැවැසීය.

 

More News..