මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට දැනුම්දීමක්
10 November 2026
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට දැනුම්දීමක්
10 November 2026
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමට පැමිණීමේදී දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල රැඳී සිටින තැරැව්කරුවන් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී තිබේ.
එවැනි තැරැව්කරුවන්ට හසුවීමෙන් මහජනතාවගේ මුදල් මෙන්ම වැදගත් ලිපි ලේඛනද අහිමි වීමේ අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එක්දින සේවාවන් ලබාගැනීම සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම මේ වනවිටත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම දුරකථනයෙන්ද සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්ද පහසුකම් සලසා තිබේ.
කෙසේ වෙතත්, මෙම නිල ක්‍රමවේද අනුගමනය නොකර දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට රැඳී සිටින තැරැව්කරුවන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් සේවාලාභීන් නොමඟ යාමේ අවදානමක් පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව, දෙපාර්තමේන්තුවෙන් සේවාවක් ලබාගැනීමේදී නිල ක්‍රමවේද පමණක් අනුගමනය කරන ලෙසත්, බලයලත් නිලධාරීන්ගෙන් පමණක් උපදෙස් ලබාගන්නා ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

