brand logo
logo
මවක් සහ ඥාති දියණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

මවක් සහ ඥාති දියණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

16 September 2026

අද (16) උදෑසන 4.30ට පමණ කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී මවක් සහ ඥාති දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දකුණු පසින් පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොවුන් දෙදෙනා දුම්රියේ ගැටී තිබේ.


එකම පවුලේ මව සහ දියණිය සහ තවත් ඥාති දියණියක් මරදාන දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ සේවා දුම්රියක මෙලෙස ගැටී ඇති අතර, එහිදී මව සහ ඥාති දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව කළුතර දුම්රිය ස්ථානයේ ප්‍රකාශයෙකු පැවසීය.


මොවුන් තිදෙනා අනුරාධපුර පූජා නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා සහභාගිවිමට මතුගම ප්‍රදේශයේ සිට පැමිණ ඇත.


මොවුන් දුම්රිය මාර්ගය දිගේ ඉතා අපරීක්ෂාකාරී ලෙස දුම්රිය පදික වේදිකාවට පැමිණෙමින් සිටින අතරතුරට ලක්ව තිබේ.


මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දමා තිබෙන අතර ඔවුන්ගේ දේහන් කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි. 


 

More News..