පාසල් ළමුන් රැගත් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වෙයි
30 June 2023
පාසල් ළමුන් රැගත් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වෙයි
30 June 2023
පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුළු 6දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද (30) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිසුන් 5දෙනෙකු සහ රියැදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අධික වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය කිරීම නිසා එය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවූ බව බවයි.
පූනාගල සිට මෙම ත්‍රිරෝද රථයේ ළමයින් පිරිසක් රැගෙන කොස්ලන්දට පැමිණ ඉන් කොටසක් කොන්ලන්ද නගරයේ බස්සවා ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයක පිටුපස ගැටී පෙරළී ගොස් තිබේ.