brand logo
logo
දුම්රිය මඟට පස් කන්දක් කඩා වැටේ - දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මඟට පස් කන්දක් කඩා වැටේ - දුම්රිය ධාවනයට බාධා

20 November 2023


දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.


කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇත.


දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේ පස් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවය.

 

More News..