brand logo
logo
ඉන්දීය ආරක්ෂක ඇමති ඔස්ට්‍රේලියානු විදේශ ඇමති හමුවෙයි

ඉන්දීය ආරක්ෂක ඇමති ඔස්ට්‍රේලියානු විදේශ ඇමති හමුවෙයි

10 October 2025

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් අතර හමුවක් සිදුවී තිබේ.


ඒ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය අතරතුරදීය.


එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා කැන්බරා නගරයේදී ඔස්ට්‍රේලියානු යුද ස්මාරකයට උපහාර දැක්වීමටද එක්වී තිබේ.


මේ අතර සිය ඔස්ට්‍රේලියානු සංචාරයේදී රාජ්නාත් සිං එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දීය මාධ්‍ය පැවසුවේ මෙම හමුවේදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්ෂක හවුල්කාරිත්වය සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා කැපවීම අවධාරණය කර ඇති බවය.


මේ අතර මෙම හමුවේදී ආරක්ෂක, කර්මාන්ත, සයිබර් ආරක්ෂාව, සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය අභියෝග ඇතුළුව ඉන්දියා-ඔස්ට්‍රේලියා ආරක්ෂක සහයෝගීතාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කර ඇත.

 

More News..