විශේෂ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 50ක් අත්අඩංගුවට
14 August 2026
විශේෂ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 50ක් අත්අඩංගුවට
14 August 2026
දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (13) දිනයේදී පුද්ගලයින් 26,882ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, එලෙස පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් අතරින් සැකපිට පුද්ගලයින් 527 දෙනෙකු සහ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මීට අමතරව, අදාළ මෙහෙයුම යටතේ වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 126 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
එමෙන්ම බීමතින් රිය පැදවූ රියදුරන් 50 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 101 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
තවද, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,316 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

