වෙළදසැලක් කොල්ල කෑ සොරා සොයන්න පොලිසිය සහය ඉල්ලයි
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වෙළදසැලක් කොල්ල කෑ සොරා සොයන්න පොලිසිය සහය ඉල්ලයි
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළට ඉහළින් වු පෞද්ගලික වෙළදසැලකට පෙරේදා (07) අලුයම ඇතුලු වූ පුද්ගලයෙකු එම වෙළදසැලේ ඉබි යතුරු කඩා වෙළදසැලට ඇතුලු වී වෙළදසැලේ තිබු ජංගම දුරකථනයක් සහ මුදල් රු.28000ක් සොරා ගෙන ඇත.
සැකකරු මීට ප්‍රථම වතුකරයේ ප්‍රධාන නගර රැසකම මෙවැනි ආකාරයට වෙළදසැල් බිද මුදල් සහ භාණ්ඩ සොරාගෙන ඇති බවට සොරකම් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් අනාවරණය කර ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් හැටන් පොලිසිය වෙත තොරතුර ලබා දෙන ලෙස හැටන් පොලිසිය ඉල්ලා සිටියි.

