brand logo
logo
ශ්‍රී ලංකාවට ලකුණු 216ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 216ක ඉලක්කයක්

11 October 2026

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 216ක ඉලක්කයක් හිමිව තිබේ.


තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 215කි.


එහිදී සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 73ක් සහ මාස් සදකත් ලකුණු 96ක් ලබාගත්හ.

පන්දුයැවීමේදී දසුන් ශානක, එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ එක්කඩුල්ල බැගින් බිඳහෙළුහ.


තරගය පැවැත්වෙන්නේ, රාවල්පින්ඩි හිදීය.

 

More News..