ඉන්දුනීසියාවේ රන් පතලක් ජලයෙන් යටවී 13 දෙනෙකු මරුට
26 November 2026
ඉන්දුනීසියාවේ රන් පතලක් ජලයෙන් යටවී 13 දෙනෙකු මරුට
26 November 2026
ඉන්දුනීසියාවේ බොගෝර් ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පතල තුළ තවත් පුද්ගලයින් 13 දෙනෙකු සිරවී සිටින බවත්, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ රන් පතල තුළට ජලය ගලා ඒම මෙම අනතුරට හේතු වී තිබේ.
පතල තුළට ජලය කඩා වදින අවස්ථාවේදී එහි සේවය කරමින් සිටි කම්කරුවන් කිහිප දෙනෙකු සිය දිවි බේරා ගැනීමට සමත්ව ඇති බව ද වාර්තා වේ.


