පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
16 July 2026
පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
16 July 2026
කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබැද නිලධාරියාගේ ගිනිඅවිය උදුරාගෙන තවත් නිලධාරියෙකුට වෙඩි තබා තුවාල සිදුකර ගිනිඅවිය රැගෙන පලාගිය සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඒ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කළ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩිතැබීම සිදුකල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනිඅවියද කොල්ලකන ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බළකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙකු බවට විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුළත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

