brand logo
logo
කැලෑවක සඟවා තිබී ගිනිඅවියක් සොයා ගනී

කැලෑවක සඟවා තිබී ගිනිඅවියක් සොයා ගනී

18 October 2026


නවගමුව, මහවෙල ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සොයාගෙන ඇත.


අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.


පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එහි අංකය මකා දමා ඇති බවය.


අදාළ ගිනිඅවිය මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..