සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව
12 August 2025
සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව
12 August 2025
ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම සැබෑ ලෙස විඳගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුනත් තවමත් එහි වැඩ අවසන්ව නොමැත.
ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි.
විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.
ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.
නමුත් ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බව දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානය පැමිණෙන බව වාර්තා වේ.