brand logo
logo
කුලී නිවැසියාගේ තියුණු ආයුධ පහරදීමකින් නිවෙස් හිමියා මරුට-බිරිඳට සහ දියණියට බරපතළ තුවාල

කුලී නිවැසියාගේ තියුණු ආයුධ පහරදීමකින් නිවෙස් හිමියා මරුට-බිරිඳට සහ දියණියට බරපතළ තුවාල

07 November 2026


වාරියපොළ, හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක කුලියට රැඳී සිටි පුද්ගලයෙකු විසින් අද (7) අලුයම සිදුකළ තියුණු ආයුධ පහරදීමකින් එම නිවසේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. 


සැකකරු විසින් නිවෙස් හිමිකරුට අමතරව ඔහුගේ බිරිඳට සහ දියණියට ද පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.


මෙම සාහසික පහරදීමෙන් 56 හැවිරිදි නිවෙස් හිමිකරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. 


තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දියණිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


නිවසියන් සහ කුලී නිවැසියා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම තියුණු ආයුධ පහරදීම සිදුකර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


 

More News..