වාහන තුනක් එකිනෙක ගැටෙයි - 5 දෙනෙකුට තුවාල
15 September 2026
වාහන තුනක් එකිනෙක ගැටෙයි - 5 දෙනෙකුට තුවාල
15 September 2026
පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දැරියක් ඇතුළු 5දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල 16 කණුව හන්දිය ආසන්නයේදී අද (15) උදෑසන 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු, ත්‍රිරෝද රථය පදවාගෙන ආ කාන්තාව, එහි ගමන් ගත් අවුරුදු හතර හමාරක දැරිය සහ තවත් කාන්තාවන් තිදෙනෙකි.
අනතුරින් පසු තුවාලකරුවන් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

