ෂාරුක් ඛාන් ලංකාවට
01 July 2025
ෂාරුක් ඛාන් ලංකාවට
01 July 2025
බොලිවුඩයේ රජු ලෙස හැඳින්වෙන ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇත. ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීම සඳහායි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් එම ව්‍යාපෘතිය සමන්විත වේ.
සියලු පහසුකම්වලින් යුත් දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙය වන අතර එය පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වේ. ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණු වී තිබේ.
මෙම අවස්ථාවට සුපිරි නළු ෂාරුක් ඛාන්ට අමතරව තවත් ඉන්දීය නළු නිළි පිරිසක් සහභාගී වීමට නියමිත බව සංවිධායකයෝ පවසති. මීට පෙර 2004 දෙසැම්බර් මාසයේ ෂාරුක් ඛාන් ප්‍රමුඛ ඉන්දීය නළු නිළි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ, “Temptation 2004” ප්‍රසංගය සඳහා සහභාගි වීමටයි. ඒ අනුව නැවතත් ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 20 කට පසුවයි.