යුද්ධය ලාංකිකයන් 15% කගේ රට රැකියා උදුරගනී
21 November 2026 | වරුණි පෙරමුණ
යුද්ධය ලාංකිකයන් 15% කගේ රට රැකියා උදුරගනී
21 November 2026 | වරුණි පෙරමුණ
ගල්ෆ් කලාපයේ යුදමය වාතාවරණය හේතුවෙන් ශ්රී ලාංකික ශ්රමිකයන් විදෙස්ගතවීම මේ වසරේදී සියයට පහළොවක (15%) පමණ ප්රතිශතයකින් අඩු වී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ පවසයි.
2024 වර්ෂයේදී ශ්රී ලාංකික විදෙස් ශ්රමිකයන් තුන්ලක්ෂ එකොළොස් දහසක් සහ පසුගිය වසරේදී විදෙස් ශ්රමිකයන් තුන්ලක්ෂ දාහතරදහසක් මෙරටින් පිටත්ව ගොස් තිබේ.
එසේ වුවද මෙම වසර අවසානය වන විට මෙරටින් පිටත්ව යන විදෙස්ගත ශ්රමිකයන් පිරිස් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ ප්රකාශ කළේ ය.
මෙරට විදෙස් ශ්රමිකයන් වැඩි වශයෙන් පිටත්ව යනු ලබන්නේ ගල්ෆ් කලාපයට බවත්, ඊට අමතරව ජපානය, කොරියාව, ඊශ්රායලය වැනි රටවලට යන බවද සභාපතිවරයා පැවසීය. මේ වන විට ලොව පුරා රටවල ශ්රී ලාංකික විදෙස්ගත ශ්රමිකයන් ලක්ෂ දාහතරක් පමණ සිටින අතර සියයට හැත්තෑවක පමණ ප්රතිශතයක් සිටිනු ලබන්නේ පිරිමි පුද්ගලයන්ය.
විදෙස්ගතව සිටින ශ්රී ලාංකික ශ්රමිකයන්ගෙන් බොහෝ පිරිසක් අවුරුදු 40 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නෝ වෙති.


