පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්
05 September 2026
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්
05 September 2026
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.
ඒ යටතේ හඳුනාගත් වෙළඳමහතුන් සඳහා විධිමත් ජංගම වෙළඳ කුටියක් සහ ඊට අදාළ විශේෂ භාණ්ඩ කට්ටලයක් නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා ජංගම වෙළඳ කුටියක් සහ ඊට අදාළ භාණ්ඩ කට්ටල පිරිනැමීම ඊයේ (04) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී සිදු කෙරිණි.
මෙමගින් පාරිභෝගික ජනතාවට පිරිසිදු හා උසස් තත්ත්වයේ ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ ජංගම කෙටි ආහාර වෙළඳාම ක්‍රමවත් කිරීම ද මෙහි අරමුණ වේ.

