brand logo
logo
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට

ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට

08 September 2026


ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද (08) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.


රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.


දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන්ය.


මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.


මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන්ය.


ඒ අනුව මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

 

More News..