brand logo
logo
සාදයකදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සාදයකදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

23 August 2026


කැකිරාව කොට්ටල්බද්ද ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අද (23) අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ කොට්ටල්බද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මරණකරුගේ නිවසේ පැවැති සාදයක් අතරතුරදී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තිබේ.


එහිදී අසල්වැසි නිවසේ සිටි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එම පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇත.


පොලීසිය පැවසුවේ මේ වන විට පහරදීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.

 

More News..